30.6 C
Colombo
Friday, June 5, 2026

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 303 ක් ලබාගත්තා.

පන්දුවට පහරදී‍මේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 79 ක්, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72 ක්, චරිත් අසලංක ලකුණු 45 ක් හා නොදැවී පන්දුවට පහරදුන් ජනිත් ලියනගේ ලකුණු 44 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Jayden Seales, Roston Chase හා Matthew Forde කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

අනතුරුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 262 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක Shai Hope ලකුණු 56 ක් හා Justin Greaves  ලකුණු 45 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් හා අසිත ප්‍රනාන්දු, වනිඳු හසරංග හා චරිත් අසලංක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව, ශ්‍රී ලංකාව ලකුණු 41 ක ජයක් වාර්තා කරගනිමින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,900SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles