30.6 C
Colombo
Friday, June 5, 2026

IMF ඩොලර් මිලි­යන 695 මහා භාණ්ඩා­ගා­ර­යට

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් ක්‍රියා­ත්මක කර ඇති විස්තී­ර්ණ ණය වැඩ­ස­ට­හනේ 5 වැනි හා 6 වැනි සමා­ලෝ­චන සාර්ථ­කව අව­සන් කිරී­මෙන් පසු එහි 6 වැනි සහ 7 වැනි වාරික අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 695ක මුද­ලක් මහා භාණ්ඩා­ගා­රය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පව­සයි.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ මෙරට නේවා­සික නියෝ­ජිත Martha Tesfaye Woldemichael මහ­ත්මිය හා මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුව ඊයේ (03) පෙර­ව­රුවේ මුදල් අමා­ත්‍යාං­ශ­යේදී සිදුවූ අව­ස්ථා­වේදී ඇමැ­ති­ව­රයා මේ බව කීය.

වාරික දෙකට අදා­ළව අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 695ක මුද­ලක් ශ්‍රී ලංකා­වට ලැබී ඇති බවත්, එය මෙරට විදේශ සංචිත ප්‍රමා­ණය ඉහළ නැංවි­මට උප­කාරී වෙමින් තාව­කා­ලි­කව සිදුවූ රුපි­යල අව­ප්‍ර­මා­ණය වීම පිළි­බ­ඳව විවිධ පාර්ශ්ව එල්ල කළ පද­නම් විර­හිත චෝද­නා­ව­ලට පිළි­තු­රක් වන බවත් ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ස්ථාව­රව පව­ත්වා­ගෙන යෑම සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ඇති කර­ගත් ප්‍රති­ප­ත්ති­මය එක­ඟතා නිසි පරිදි ක්‍රියා­ත්මක කිරීම මීට හේතුව බවයි අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ. විශේ­ෂ­යෙන්ම දිට්වා සහ මැද පෙර­දිග යුද තත්ත්වය වැනි ආර්ථි­ක­මය වශ­යෙන් ඇති වූ කම්පන තත්ත්ව­යන්ට ඔරොත්තු දිය හැකි මට්ට­මට මෙරට ආර්ථි­කය ළඟා වූයේ එම නිවැ­රැදි ආර්ථික ප්‍රති­ප­ත්ති­මය තීන්දු තීරණ හේතු­වෙන් බව හෙතෙම වැඩි­දු­ර­ටත් පෙන්වා දෙන ලදි.

කම්පන තත්ත්ව යටතේ වඩාත් අව­දා­න­මට ලක්විය හැකි පිරිස වෙනු­වෙන් රජ­යක් ලෙස නිසි මැදි­හ­ත්වී­මක් කළ හැකි වූ බව සඳ­හන් කළ අමා­ත්‍ය­ව­රයා දිට්වා ව්‍යස­න­යේදී රුපි­යල් බිලි­යන 500ක මුද­ලක් ද, මැද­පෙ­ර­දිග යුද­මය තත්ත්වය හේතු­වෙන් රුපි­යල් බිලි­යන 100ක් ද මීට පෙර වෙන්කි­රී­මට හැකි වූ බවත්, පසු­ගි­යදා රැස් වූ කැබි­නට් මණ්ඩ­ලය මඟින් ඒ සඳහා තවත් රුපි­යල් බිලි­යන 20ක් වෙන් කළ බවත් සඳ­හන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles