සතියකට මිනිත්තු 90ක් සහ පැය දෙකක් අතර කාලයක් බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වීමෙන් අකල් මරණ සිදුවීමේ අවදානම අඩු කරගත හැකි බව නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත.
දශක කිහිපයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් ලබාගත් දත්තවලට අනුව, නිතිපතා බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වීමෙන් හෘද රෝග සහ අංශභාගය හේතුවෙන් සිදුවන අකල් මරණ බර ඉසිලීමේ ව්‍යායාම මගින් අඩු කරගත හැකි බව විශේෂඥයන් පෙන්වා දෙයි.
ස්නායු ආශ්‍රිත රෝග නිසා සිදුවන මරණ අවදානම අඩු කිරීමට හැකි බව බ්‍රිතාන්‍යයේ සිදු කළ නවතම පර්යේෂණ ඔස්සේ තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

