30 C
Colombo
Tuesday, October 7, 2025

ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව හා පාකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පාකිස්ථාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ (25)  සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Haris ලකුණු 31 ක් හා Mohammad Nawaz ලකුණු 25 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin Ahmed කඩුලු 3 ක් ද, Mahedi Hasan හා Rishad Hossain කඩුලු 2 බැඟින් ද බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 124 ක් පමණයි.

පන්දු යැවීමේදී පාකිස්ථානය ‍වෙනුවෙන් Shaheen Shah Afridi සහ Haris Rauf කඩුලු 3 බැගින් ලබාගත්තා.

ඒ අනුව, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

මෙහි විශේෂත්වය වන්නේ ආසියානු කුසලාන ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයක් ක්‍රීඩාකර නොමැති වීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles