29 C
Colombo
Tuesday, October 7, 2025

හොරකම් කළ සල්ලිවලින් යතුරුපැදියක් ගෙන පෙම්වතිය එක්ක සවාරියක් යද්දී පොලිසියට මාට්ටු

මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් 70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් සොරකම් කොට එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මහනුවර ඩී.එස්.සේනානායක වීදියේ අවන්හලක සේවකයෙකු ලෙස සේවය කළ මාතලේ මාදිපොල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රාත්‍රී ඩී.එස්. සේනානායක වීදියේ පවත්වාගෙන යනු ලබන වාහන අලෙවිසලකට පසුගිය 22 වැනි දින රාත්‍රී කාලයේ ඇතුළු වී ටොයටා නෝහා වර්ගයට අයත් වෑන් රථයක් සහ ඊට අදාළ ලියකියවිලිද වාහන අලෙවි සැලෙන් සොරා ගෙන ගොස් තිබුණි.

සැකකරු එම වෑන් රථය මාතලේ පල්ලේපොල ප්‍රදේශයේ උගස් කරුවෙකුට රුපියල් ලක්ෂ 15 ක මුදලකට උගස් කොට එම මුදලින් නවීන පන්නයේ යතුරු පැදියක් මිලදී ගෙන ඔහු සේවය කළ අවන්හලේම සේවයේ නියුතු යුතු පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles