ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය කඩුලු 5 කින් ජය ගනිමින් ආසියානු කුසලානයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඉන්දියාව ආසියානු කුසලානයක් හිමිකරගත් 09 වැනි අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
නමුත්, එහිදී ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙනි.
“පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අපි තීරණය කර තිබෙනවා” යැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.
කුසලානය ලබා දීමේ අවස්තාවේදී “අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තිබෙනවා,” යැයි නිවේදකයා එහිදී පැවසීය.
උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවය.
කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබීය.