26 C
Colombo
Wednesday, October 8, 2025

ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව ඇණහිටී

බඩ ඉරිඟු ආනයනය සීමා වීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව ඇණහිට ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රින් ටොන් දහ අට දහසක් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය වූ බවට වාර්තා වේ.

එහෙත්, ආනයන පාලක ජනරාල්වරයා ඊට සංශෝධන ඉදිරිපත් කර ඇති අතර එම සංශෝධන ඇතුලත් නව කැබිනට් පත්‍රිකාව ලබන 7 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක්, බඩ ඉරිඟු ආනයනය සීමා කර ඇති බවට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පවසයි.

ඒ හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇණහිට ඇති අතර ලබන 7 වැනිදායින් පසු බඩ ඉරිඟු ආනයනය ආරම්භ කිරීමත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වනු ඇති බවට වාර්තා වේ.

දැනට නිෂ්පාදනය කර ඇති ත්‍රිපෝෂ තොග දිවයිනපුරා බෙදාහරිමින් සිටින බව ද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles