අද (29) රාත්‍රීයේ රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමග මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇත.
තවද, බසයේ සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.