ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 13 වැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (30) ඉන්දියාවේදී ආරම්භ වෙනවා.
ලොව ප්‍රබලම රටවල් 8ක් තරග වදින මේ තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 7 සමඟින් තරග වැදීමට නියමිතයි.
අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර, එහිදී පළමු සහ සිවුවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් දෙකක්, දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් දෙකක් එම වටයේදී එකිනෙකා සමඟින් තරග වැදීමට නියමිතයි.
සමස්ත තරගාවලිය තරග 31කින් සමන්විත වන අතර, ඉන් මූලික වටයේ තරග 11ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.
තරගාවලිය ආරම්භ කරමින් සම සත්කාරකයන් වන ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව අද පස්වරු 3.00ට ගුවහාතිහිදී තරග බිමට පිවිසීමට නියමිතයි.