31 C
Colombo
Tuesday, October 7, 2025

වැටලීමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් හමුවේ

හැෂ් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ මත්පෙති තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ ලද තොරතුරක් මත කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හැෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 270ක්, හෙරොයින් ග්‍රෑම් 408ක්, මත්පෙති 200ක් සහ විකිණීම සඳහා සකස් කළ හෙරොයින් (චරස්) කැබලි 7,400ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 38ක් වන මෙම පුද්ගලයා, සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles