30 C
Colombo
Tuesday, October 7, 2025

තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (30) දිනයේ සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඕනෑම පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රය අලුත් කිරීම සඳහා වෛද්‍ය සහතිකය ලබා ගැනීමෙන් පසුව, තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ.

මහජනතාව දිගු පෝලිම්වල පැය ගණන් රැඳී සිටීම, තැරැව්කරුවන්ට හසුවීම වැනි කාරණා පදනම් කරගෙන, නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කිරිමට තීරණය කළ බවද ඔහු පවසා සිටියා.

නියමු ව්‍යාපෘතියක් ලෙසට මෙය අද දින සිට සිදු කරන අතර, ඉදිරියේදී ස්ථිර රියදුරු බලපත්‍රය ද මෙම ස්ථානයෙන් නිකුත් කිරිමට අදහස් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles