ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ජපාන අග්‍රාමාත්‍ය ශිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා විසින් ඊයේ (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී විශේෂ දිවාභෝජන සංග්‍රහයක් සංවිධාන කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
එසේම ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ නාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.
එම සාකච්ඡාවේ දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය විසින් දක්වන ලද සහාය වෙනුවෙන් ජනාධිපතිවරයා කෘතවේදීත්වයද පළ කළේය.