28 C
Colombo
Tuesday, October 7, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අද (30) ඇප ලබාදීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ ඇප අයැදුම අද යළිත් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මත හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මුදා හැර තිබෙනවා.

එසේම, සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු බවත්, සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බවටත් ඇප කොන්දේසි පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles