28 C
Colombo
Tuesday, October 7, 2025

ජනපති සහ නිපොන් පදනමේ ආරම්භක සභාපතිවරයා අතර සාකච්ඡාවක්

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවුණා.

ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ අතර උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කළා.

ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම නගා සිටුවීමට දරන උත්සාහය සහ ශ්‍රී ලංකාව තුළ සමාජ සේවය වෙනුවෙන් වන දිගු කාලීන කැපවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා වෙත සිය කෘතඥතාව පළ කර සිටියා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles