ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
“ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට“ තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු“ තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලැබෙනවා.
කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
වැඩිහිටි දින සැමරුම් උත්සවය සහ ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්සගේ සහභාගීත්වයෙන් සුහුරුපායේදී පැවැත්වීමට නියමිතයි.
ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකයි.