30 C
Colombo
Tuesday, October 7, 2025

අපරාධ කල්ලි සමාජිකයෙකු වූ ටිංකර් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර


ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ‘‘ටිංකර්‘‘ යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

සැකකරු හෙට (03) දිනය දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි මහෙස්ත්‍රාත් අධිකරණය මෙලෙස අවසර ලබාදී ඇත්තේ.

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

කටුනායක ගුවන්තොටුපොළ වෙත ඔහු රැගෙන ඒමෙන් අනතුරුව ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කළේ.

ඒ අනුව සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ  රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles