30 C
Colombo
Tuesday, October 7, 2025

ශ්‍රී ලංකාවේ ආයෝජන Residence Visa ලබාගත් පළමු පුද්ගලයාට වීසා අවසරය ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දුන් තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට වාස වීසා (Residence Visa) ලබාදීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පළමු විදේශිකයා බවට ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් පත්ව තිබෙනවා.

ඊට අදාළ නිවාස වීසා අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ඔහුට ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

අංක 2360/24 හා 2023.11.27 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාළව මෙය ලබා දී ඇති බව සඳහන්.

තනි පුද්ගල ආයෝජක කාණ්ඩයේ වාස වීසා සඳහා විදේශිකයන් අයදුම් කිරීමේදී, අමෙරිකානු ඩොලර් 100,000 ක් හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 05 ක වාස වීසා ලබාදෙන අතර, අමෙරිකානු ඩොලර් 200,000 ක් හෝ ඊට සමාන විදේශීය මුදලක් සඳහා වසර 10 ක වාස වීසා ලබාදීම සිදු කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles