29 C
Colombo
Tuesday, October 7, 2025

ලොව ප්‍රකට චිම්පන්සි පර්යේෂිකාව වූ ජේන් දිවි ගමනට සමුදෙයි

චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදු කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ඇය මිය යන විට 91 හැවිරිදි වියේ පසුවිය.

චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදු කළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් එමඟින් පෙර පැවති මතවාදයන් වෙනස් කිරීමට ද හැකියාව ලැබී තිබෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles