මාතර – දික්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිසක් අතරින් තුන්දෙනෙකු දියේ ගිලී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් දෙදෙනා මුදාගෙන බතීගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් මාතර මහා රෝහලට මාරුකර යවා ඇති බව ද පොලිසිය සඳහන් කළා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.