31 C
Colombo
Tuesday, October 7, 2025

පොලිස්පතිගේ WhatsApp අංකයට පැමිණිලි 8,000 ක් ලැබෙයි

නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ WhatsApp අංකයට ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව, එම WhatsApp අංකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8,000 ද ඉක්මවා ඇති බවයි සඳහන් වන්නේ.

එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කර පසු විපරම් කරන බව පොලීසිය සඳහන් කර සිටියා.

නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 071-8598888 යන අංකය පොලීසිය විසින් හඳුන්වා දී තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles