ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඒ අනුව 2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, අදාළ අවස්ථාව ලබාදෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ.