හිටපු මැති ඇමතිවරුන් 10 දෙනෙකුගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.
ඒ අනුව, පොලීසිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මීට අමතරව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 කුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, විමර්ශනවලදී හෙළිවන කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්.
මුදල් විශුද්ධිකරණය පනත යටතට ගැනෙන වැරදි සිදුකර, අදාළ පුද්ගලයින් විසින් මිලදී ගෙන ඇති දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.