28 C
Colombo
Wednesday, October 8, 2025

කොළඹ කුණු හරි විදියට ඉවත් කරන සැලැස්ම ක්‍රියාත්මක කරන්න කැබිනට් අනුමැතිය

බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය  ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අභියෝග හා දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටී.

මෙම තත්ත්වයට වඩා ඵලදායී අයුරින් පිළියම් යෙදීම පිණිස අදාළ නාගරික අපද්‍රව්‍ය සුරක්ෂිත, තිරසර හා පරිසර හිතකාමී අන්දමින් රැස් කර, පිරියම් කර, බැහැර කිරීම සඳහා නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලසුමක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබ ඇත.

 ඒ අනුව, 2019-10-01 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රතිපත්තිය ද සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමක් හරහා ක්‍රියාත්මක කර තිබේ.

එකී ව්‍යාපෘතිය මඟින් සියලුම පාර්ශ්වකාර ආයතන වල සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ ප්‍රධාන සැලැස්ම සකස් කර ඇත. ඒ අනුව, බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles