හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් රතුපස්වල තෙරිපැහැ සිරිදම්ම හිමියන් උපවාසයක් ආරම්භ කර තිබේ.
අද (08) දහවල් 01.00 ට පමණ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති D.S.සේනානායක පිළිරුව ඉදිරියේ මෙම උපවාසය ආරම්භ කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ද නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් ස්වාමීන්වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භකර ඇති බව වාර්තා වේ.