29 C
Colombo
Wednesday, October 8, 2025

මත්තල ගුවන්තොටුපළට වනජීවී කාර්යාලයක්

හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වනඅලි ආදී වනජීවීන් වරින්වර ඇතුළු ‍වීම මෙන් ම එහි පිවිසුම් මාර්ග හරහා මාරු වීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටි‍තල පහසුකම්වලට හානි සිදු වන අවස්ථාවන් බහුල වන අතර, එහි මෙහෙයුම්වලට ද බලපෑම් ඇති වී තිබේ.

එලෙස යටි‍තල පහසුකම්වලට සිදු වන හානි පිළිසකර කිරීමට සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට දැරීමට සිදු වන පිරිවැය සැලකිය යුතු තරම් ඉහළ යන  බවට ද හඳුනාගෙන ඇත.

එබැවින්, එවැනි වනසත්ව තර්ජන කල්තියා හඳුනාගෙන නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ගුවන් මගීන්ගේ, ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලයේ සහ ගුවන්තොටුපොළෙහි යටි‍තල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීමටත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වල සිදු විය හැකි ප්‍රමාදයන් සහ අවහිරතාවන් අවම කර ගනිමින් නිර්බාධිත ගුවන් සේවාවක් පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි මෙම විශේෂිත වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම සිදු කරන බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles