25 C
Colombo
Friday, June 5, 2026

කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල ලබාදුන් බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් ‍ජේලර්වරයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි, 53 හැවිරිදි අයෙක් බවයි පොලීසිය පවසා සිටියේ.

පසුගිය දිනක පානදුර, හිරණ ප්‍රදේශයේ කාන්තාවක් විසින් කළුතර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීම සඳහා සූදානම් වීමේදී ඇය අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර ජේලර්වරයා විසින් රුපියල් 35,000 ක මුදලක් ලබාගෙන ඇති බවයි හෙළිදරව් වී ඇත්තේ.

සැකකාර ජේලර්වරයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles