2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ නවතම ඡායාරූපයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් විසින් නිකුත් කර තිබෙනවා.
වර්තමානයේ සිංගප්පූරුවේ වාසය කරන මහේන්ද්‍රන්, වසර තුනකට පමණ පසු තමා හා සම්බන්ධ වී, මෙම ඡායාරූපය ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට අවසර දුන් බවයි එම මාධ්‍යවේදියා පවසා සිටියේ.
එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකු අධිපතිවරයා ලෙස ප්‍රථමයෙන් පත් කරන ලද මහේන්ද්‍රන් රටින් පිටව යන විට, වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණේ ඔහු විවාහ මංගල්‍යයකට සහභාගී වීමට සිංගප්පූරුවට ගිය බවත්, ඉක්මනින් නැවත පැමිණෙන බවත්ය.
කෙසේ වෙතත්, මහේන්ද්‍රන් ඉන්පසු මෙරටට පැමිණියේ නැහැ.

