25 C
Colombo
Friday, June 5, 2026

අදත් ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවය.

සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවේ.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතී.

එය ඉදිරි පැය 24 තුළ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එහි බලපැම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles