25 C
Colombo
Friday, June 5, 2026

සැඟව සිටින මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් 07 දෙනෙක් ආරක්ෂක අංශ වෙත භාර වීමේ සූදානමක

මැද පෙරදිග සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහතා පැවසීය.

ආණ්ඩුවෙන් සමාව ලබාගෙන ඉන් ඉවත්වීමට සූදානම් බවද එම හත්දෙනා ප්‍රකාශ කළේ යැයි කී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ස්ථාන පවා ප්‍රකාශයට පත් කළ බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය මුළුණුපුටා දැමීම සඳහා වන රටම ඒකට ජාතික මෙහෙයුම් වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට සහභාගි වෙමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් තිබෙන බවත් සියලු දෙනා පක්ෂ පාට අමතක කර රට වෙනුවෙන් මත්ද්‍රව්‍ය මුළුණුපුටා දැමීමට උදව් විය යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ඒ සඳහා බවත් විෂ මත්ද්‍රව්‍ය මුණුනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික වැඩසටහනේ මෙහෙයුම්කමිටු නොකඩවාම රැස්වී අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු බවත් ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles