සීනිගම ගොඩගම තෙල්වල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5ක්, ග්‍රෑම් 410 ක් සහ එක්කෝටි අට ලක්ෂයකට අධික මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලුවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් කළ වැටලීමකදී බෝට්ටුවක් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි, විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ.
එම සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් ග්‍රෑම් 416 ක් සහ රුපියල් එක්කෝටි අට ලක්ෂයකට අධික මුදල් තොගයක් අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දන්වා තිබුණා.

