25 C
Colombo
Friday, June 5, 2026

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1124 ක් පීඩාවට


රත්නපුර දිස්ත්‍රික්කයට 2025.11.21 දින සිට 2025.11.28 දින උදෑසන දක්වා බලපෑ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 126 ක පවුල් 298 ක පුද්ගලයින් 1124 දෙනෙකු ආපදවට ලක්වී ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස් නිශාන්ත මහතා පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 ක් පවතින අතර ඉන් 16 කින් ආපදා සිදුවීම් වාර්තාවී ඇත. කොලොන්න, බලංගොඩ, ඕපනායක, කහවත්ත, ගොඩකවෙල, වැලිගෙපොල, නිවිතිගල, ඇලපාත, අයගම, ඉඹුල්පේ, කලවාන,කුරුවිට,රත්නපුර,කල්තොට,ඇඹිලිපිටිය හා කිරිඇල්ල යන කොට්ඨාසවලින් එම ආපදා සිදුවීම් වාර්තාවී ඇත. ආපදා සිදුවීම් වාර්තාවී ඇති ග්‍රාම නිලධාරී වසම් ගණන 66 කි.

එම හදිසි අපදා තත්ත්වයන්ට අනුව දිස්ත්‍රික්කයේ අර්ධ හානි නිවාස 159 ක් ද වාර්තාවී ඇත.

ආපදා අවධානම් හේතුවෙන් බලංගොඩ,ගොඩකවෙල,කහවත්ත,ඔපනායක හා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුරක්ෂිත මධ්‍යස්ථාන 06 ක පවුල් 49 ක පුදගලයින් 154 දෙනෙකු ස්ථානගත කර ඇත.

එමෙන්ම බලංගොඩ,කහවත්ත,ඔපනායක,ඉඹුල්පේ,ඇඹිලිපියිය,කිරිඇල්ල,කල්තොට හා කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 72 ක පුද්ගලයින් 266 දෙනෙකුද ඥාති නිවාසවල රැදී සිටිති.

කළුගගේ ජල මට්ටම අද (2025-11-28) පෙ.ව.8.50 පමණ වන විට 8.7m දක්වා ඉහළ නැග ඇත.

පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් විපතටපත් දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මේ වන විටත් කඩිනම් පියවර ගෙන ඇති පවත් පවතින අපදා තත්ත්වයන් පිළිබඳව විශේෂ අවදානය යොමු කරමින් දැඩි විසසිලිමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්.නිශාන්ත මහතා වැඩිදුරටත් පවසයි.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles