ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 76දෙනෙක් ඇතුළත්ය.
මේ අතරට සුනඛයින් සිව්දෙනෙක් ද ඇතුළත් බවට තොරතුරු වාර්තා වේ.
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස කඩිනමින් මුදාගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් ආපදා උපකරණ ද දිවයනට රැගෙන විත් තිබේ.

