25 C
Colombo
Friday, June 5, 2026

ඉන්දුනීසියා රජයට එරෙහි විරෝධතා තවදුරටත්

ඉන්දුනීසියාදු රජයට එරෙහිව පවතින විරෝධතාවන් මේ වන විට වඩාත් ප්‍රචණ්ඩය මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට රජයට බල කරමින් ජකර්තා අගනුවරදී විරෝධතා මාලාවක් නිර්මාණය වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයි.

එම විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කැරලි මර්දන පොලීසිය කටයුතු කරමින් සිටින අතරතුර පොලිස් වාහනයක ගැටී යතුරුපැදිකරුවෙක් මිය ගිය අතර එම සිදුවීමට විරෝධය පළ කරමින් ඊයේ (30) එරට බන්ඩුන්ග් නගරයේදී විරෝධතා පැවැති අතර එම විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබුණා.

එහිදී විරෝධතාකරුවන් ගොඩනැගිලි ගිනි තබමින් සහ දේපළවලට හානි කරමින් විරෝධය පළකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ මේ වන විට පවතින අඛණ්ඩ විරෝධතා අතරතුර ඉන්දුනීසියානු විරෝධතාකරුවන් පළාත් තුනක ප්‍රාදේශීය පාර්ලිමේන්තු ගොඩනැගිලිද ගිනි තබා විනාශ කර ඇති බවයි.

ඒ අනුව බටහිර නුසා ටෙන්ගාරා හී පාර්ලිමේන්තු ගොඩනැගිලි, මධ්‍යම ජාවා හී පෙකලෝන්ගන් නගරය සහ බටහිර ජාවා හී සයිරබන් නගරයයේ පිහිටි ගොඩනැගිලි රැසක්ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ පවතින විරෝධතා හේතුවෙන් මේ වන විට අවම වශයෙන් එරට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

එමෙන්ම පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයින් එරට ගිනි තැබූ ගොඩනැගිලිවල සිරවී සිටි පුද්ගලයින් බවද මේ වන විට වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles