බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, ඊයේ (30) පස්වරුවේ ඔහු එම ඉල්ලීම කළ බවයි.
ඒ සම්බන්ධයෙන් සලකා බලන බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය.
පෙරේදා (29) අත්අඩංගුවට ගත් නිමල් ලන්සා මහතා, ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.