30 C
Colombo
Tuesday, October 7, 2025

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (31) පැවැත්වේ.

හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව. 1ට ආරම්භවීමට නියමිතය. 

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග 2කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව මේ වනවිට 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

ශ්‍රී ලංකා කණ්ඩාය අද තරගයට පිවිසින්නේ දෙවැනි තරගයත් ජයගෙන එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමේ අරමුණ ඇතිවය.

කෙසේ වෙතත් පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක් වු නිෂාන් මදුෂ්ක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු අද තරගය සඳහා එක්වීමට වැඩි ඉඩකඩක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි අද දෙරණ සමගින් පවසා සිටියේය.

දෙරට අතර විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර, එම තරගද හරාරේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles