30 C
Colombo
Tuesday, October 7, 2025

අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 5ක සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායමට අරාධනා කළ අතර එහිදී සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 3 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් හා ඩිල්ෂාන් මදුෂංක, ජනිත් ලියනගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 122 ක්, සධීර සමරවික්‍රම ලකුණු 31 ක් හා නායක චරිත් අසලංක ලකුණු 71 ක් ලබා ගත්තා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය එක්තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles