30 C
Colombo
Tuesday, October 7, 2025

සමාජ ජාලාවල බොරු කියන අයට වැඩ වරදී

පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීමට අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්, විශේෂයෙන්ම තරුණ පරපුර, අන්තරායකර තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ බවයි.

තම ඡායාරූපයක්ද කෘත්‍රිම බුද්ධිය යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්, ප්‍රචණ්ඩත්වය සහ සමාජ අසහනය වැඩි කිරීමට හේතු වී ඇති බවද ආනන්ද විජේපාල මහතා පෙන්වාදෙනවා.

අන්තර්ජාල අපරාධවලට කප්පම් ගැනීම්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, කාන්තාවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කිරීම, සහ පාසල් දරුවන්ට අසභ්‍ය දර්ශන ඇතුළු හානිකර වීඩියෝ පට බෙදාහැරීම වැනි ක්‍රියාකාරකම් මෙම ක්‍රියාකාරකම් අතරට ඇතුළත් වනවා.

කෙසේවෙතත් මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles