30.6 C
Colombo
Friday, June 5, 2026

නේපාලයේ ‘බුද්ධා එයාර්’ ගුවන්යානයක් අනතුරකට ලක්වෙයි

ඊයේ (2) රාත්‍රියේ ජාපාහි භද්‍රපූර් ගුවන්තොටුපොළට  ගොඩබෑමේදී ‘බුද්ධා එයාර්’ යානයක් අනතුරකට ලක්ව ඇත.

මෙම යානය නේපාලයේ අභ්‍යන්තර ගුවන්සේවා කටයුතුවල නිරත වූ යානයකි.

කත්මණ්ඩු නුවර සිට පැමිණ ඇති මෙම යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සාගොස් මෙම අනතුරට ලක්ව තිබේ.

නේපාල බලධාරීන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 51ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4ක් සිටි බවය.

කෙසේ නමුත් ඒ කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවට වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles