119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් ගැන තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ තිස්සමහාරාමය පොලිසියේ ජංගම පොලිස් ජීප් රථය ඊයේ (03) රාත්‍රියේ සොරාගෙන තිබෙනවා.
නිලධාරීන් 4 දෙනෙකුගේ කණ්ඩායමක් හදිසි ඇමතුම් අංකයකට ලද 119 පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදීයි මෙම පොලිස් ජිප් රථය පැහැර ගෙන ගොස් ඇත්තේ.
ජීප් රථයේ එංජිම ක්‍රියාත්මකව තිබියදී පොලිස් නිලධාරීන් සියළු දෙනා පැමිණිල්ල ගැන සොයා බැලීමට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී මෙම සොරකම සිදුව තිබෙනවා.
එම අවස්ථාවේදි ජීප් රථය සොයා සිදු කළ මෙහෙයුමේදී ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් තිබියදී හමුවූ බවයි පොලිසිය පවසන්නේ.
පැමිණිල්ල ලද ස්ථානයේ සිට කිලෝමීටර් 2ක දුරක තිබියදීයි මෙලෙස පැහැරගත් පොලිස් ජීප් රථය සොයා ගෙන තිබුණේ.