29 C
Colombo
Tuesday, October 7, 2025

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රජයේ සමාගම් 33ක් වහන්න කැබිනට් අනුමැතිය

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත් ව තිබුණා.

ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට රජය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, මුදල්, ක්‍රසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ මෙම රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැති හිමි වුණා.

ඒ අනුව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලිද ජයතිස්ස මහතා සඳහන් කළේ, තුරුසවිය අරමුදල, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, ලංකා ලොජිස්ටික් ප්‍රයිවට් ලිමිටඩ්, කොමන්වෙල්ත් ගේම් හම්බන්තොට ප්‍රයිවට් ලිමිටඩ්,
මාගම්පුර පෝර්ට් මැනේජ්මන්ට් කොම්පැනි, මිහින් ලංකා ලිමිඩට්, මීඩියා ට්‍රේනින් ඉන්ස්ට්‍රිටුට්, ලංකා සිමෙන්ට් කම්පැනි ලිමිටඩ්, එක්ස්ප්‍රස් වේ ට්‍රාන්ස්පෝර්ට් කොම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඇතුලු ආයතන කිහිපයක් මෙලෙස විධිමත් ලෙස ඈවර කර වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles