29 C
Colombo
Tuesday, October 7, 2025

නිදහස් වූ කන්ටේනර් 323 සමග මිද්දෙණියේ මත්ද්‍රව්‍ය කන්ටේනර් අංක සමග ගැලපීමක් නෑ – පොලිසිය කියයි

ආන්දෝලනයට තුඩු දුන් වරායෙන් නිදහස් කළ බහාලුම් 323 සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට රසායනික ද්‍රව්‍ය ගෙන ආ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.

මිද්දෙණිය, තලාව ප්‍රදේශයෙන් සොයාගත් අදාළ බහාලුම් දෙකේ අංක සහ ආන්දෝලනයට තුඩු දී ඇති වරායෙන් නිදහස් කළ බහාලුම් 323ට අදාළ අංක අතර කිසිදු සමානකමක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද (06) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles