30 C
Colombo
Tuesday, October 7, 2025

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි පන්දුවාර 20/20 තරගය කඩුළු 05කින් පහසුවෙන් ජය ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා.

ඒ පිළිතුරු ඉලක්කය වූ ලකුණු 81ක ඉලක්කය පන්දුවාර 14.2ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 24ක් රැස් කරගනිමින්.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණ රටාව හමුවේ පන්දුවාර 17යි පන්දු 04කදී සියල්ලන් දැවී ලකුණු 80ක් පමණක් රැස් කරගැනීමට සමත් වුණා.

එහිදී, කමිල් මිෂාර ලකුණු 20ක්ද, නායක චරිත් අසලංක ලකුණු 18ක්ද, දසුන් ශානක ලකුණු 15ක්ද ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම ලකුණු වාර්තා කිරීමට සමත් වූ අතර, අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යෑමට හැකි වුණේ නැහැ.

ඒ අනුව, පැතුම් නිස්සංක ලකුණු 08ක්ද, කුසල් මෙන්ඩිස් එක් ලකුණක්ද, නුවනිඳු ප්‍රනාන්දු එක් ලකුණක්ද, දුෂාන් හේමන්ත ලකුණු 07ක්ද, මහීෂ් තීක්ෂණ ලකුණු 06ක්ද රැස් කළා.

එමෙන්ම කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර කිසිඳු ලකුණක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ Sikandar Raza සහ Brad Evans කඩුළු 03 බැගින්ද, Blessing Muzarabani කඩුළු 02ක්ද, Sean Williams කඩුළු 01ක්ද දවාගත්තා.

අනතුරුව ලකුණු 81ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ යම් පීඩනයකට ලක් වෙමින් Brian Bennett ලකුණු 19ක්ද, Tadiwanashe Marumani ලකුණු 17ක්ද, නායක Sikandar Raza ලකුණු 02ක්ද, Tony Munyonga ලකුණු 03ක්ද රැස් කළා.

මෙහිදී අගනා පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුළු 03ක්ද, මහීෂ් තීක්ෂණ කඩුළු 01ක්ද, බිනුර ප්‍රනාන්දු කඩුළු 01ක්ද දවාගත්තා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ මේ වනවිට 1 – 1ලෙස කණ්ඩායම් දෙකම තරග ජයග්‍රහණය කර ඇති අතර, තීරණාත්මක අවසන් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05.00ට පැවැත්වීමට නියමිත‍යි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles