28 C
Colombo
Tuesday, October 7, 2025

ඇල්ලේදී අනතුරට ලක්වූ බස්රථයේ යාන්ත්‍රික දෝශයක්

ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්‍රික දෝශයක් තිබූ බවට අනාවරණය වී ඇත.

අද (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පවසා ඇත.

අදාළ බස් රථය දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ රාත්‍රියේ දී ප්‍රපාතයෙන් ගොඩ ගැනුණු අතර එහි කොටස් ඇල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලදි.

ජාතික ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් ද බස් රථයේ සුන්බුන් පරීක්ෂාවට ලක් කළ අතර අනතුර සිදුවූ ස්ථානයත් ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් අද පරීක්ෂාවට ලක් කළේය.

බස් රථයේ සුන්බුන් ලබන 08 වැනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

15 දෙනකුට මරු කැඳවූ මෙම බස් රථ අනතුට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර එම බස් රථයේ කොන්දොස්තරවරයා සහ එහි ගමන් පුද්ගලයෙකු පැවසුවේ, හිටි හැටියේ තිරිංග අක්‍රීය වූ බවට රියැදුරුවරයා කෑ ගසා පැවසූ බවය.
 
මේ අතර එම බස් රථය 2023 ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කෙරෙන බස්රථ නියාමනය කිරීමට රට තුළ තවමත් නීති නැති බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles