27 C
Colombo
Tuesday, October 7, 2025

අයිස් අමුද්‍රව්‍ය හමුවූ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමෙන් අත් බෝම්බ සහ උණ්ඩ හමුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබූ අගුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සභිකයෙකුට අයත් බවට සැලකෙන ඉඩමක තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ පහක් හා 56 ගිනි අවියට යොදන ජීව උණ්ඩ දාහතක් බෝර දොළහ වර්ගයේ ගිනි අවියට යොදන ජීව උණ්ඩ තුනක් බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අද (6) සවස සොයා ගනු ලැබීය.

අත්අඩංගුවට පත් බැකෝ සමන්ගෙන් ලද තොරතුරු වලට අනුව මිද්දෙණිය තලාව ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභිකයාගේ නිවස හා ඔහුගේ ගෙවත්ත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දින කිහිපයක් තිස්සේ පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

එම පරීක්ෂා කිරීම් අතරතුර අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දහස් ගණනක් පොලිස් විමර්ශකයින් විසින් සොයා ගනු ලැබීය.

තවදුරටත් පොලිසියේ සිදු කළ සොයා බැලීම අතරතුරදී මෙම අත්බෝම්බ හා ජීව උණ්ඩ තොගය හමුවී ඇත්තේ ප්‍රාදේශීය සභා සභිකයාට අයත් මඤ්ඤොක්කා වගා කරන ලද ඉඩමක සඟවා තිබියදීය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහාන් ඕලුගලගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles