27 C
Colombo
Tuesday, October 7, 2025

පාසල් දිනවල වෙලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහනය අත්හිටුවයි

පාසල් පැවැත්වෙන දිනයන්හිදී උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසනවා.

දින කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම තීරණය අනූව අදාළ කාලසීමාවන්වලදී ඛනිජ ප්‍රවාහනය කරන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතු වෙනවා.

මේ තීරණය සම්බන්ධයෙන් දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා දැනුවත් කිරීම සිදුකර තිබෙන බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles