විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.
ඒ හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 06 වන සැසියට සහභාගී වීමටයි.
එහිදී විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි.
මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.