30 C
Colombo
Tuesday, October 7, 2025

විරෝධතාකරුවන් නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනිබත් කරයි

නේපාලයේ පැවැත්වෙන විරෝධතා අතරතුර, ‘Gen Z’ විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා.

මෙම විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී, පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි එක් ගොඩනැගිල්ලකට මෙලෙස ගිනි තබා ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර, රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ද ඉල්ලා අස් වී තිබෙනවා.

නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම හේතුවෙන්, Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම පසුගියදා තහනම් කිරීමට නේපාල රජය විසින් පියවර ගෙන තිබූ අතර ‘Gen Z’ විරෝධතාකරුවන් ඊට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles