ලොව සුපතල සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්, 68 වන ග්‍රැමී සම්මාන උළෙලේදී සිය මංගල ග්‍රැමී සම්මානය (Grammy Award) දිනාගනිමින්, ඉතිහාසයට එක්වූ ‘EGOT’ සම්මාන ලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමට සමත්ව තිබෙනවා.
79 හැවිරිදි වියේ පසුවන ස්පිල්බර්ග් මෙලෙස ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහු නිෂ්පාදනය කළ ‘Music by John Williams’ නමැති වාර්තා චිත්‍රපටය වෙනුවෙන් පිරිනැමුණු ‘හොඳම සංගීතමය චිත්‍රපටය’ (Best Music Film) යන සම්මානයයි.
එම ජයග්‍රහණයත් සමඟ ඔහු Emmy, Grammy, Oscar සහ Tony යන ප්‍රධාන සම්මාන හතරම දිනාගත් ලොව 22 වන කලාකරුවා බවටද පත් වුණා.

