30.6 C
Colombo
Friday, June 5, 2026

ලෝක සංගීත ක්ෂේත්‍රයේ නව වාර්තාවක් – ටිබෙට් අධ්‍යාත්මික නායකයාට සම්මානයක්

ලෝක සංගීත ක්ෂේත්‍රයේ ඉහළම ගෞරවය ලෙස සැලකෙන ග්‍රැමී සම්මාන උළෙලේදී (68th Grammy Awards) සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමා (Dalai Lama) තුමන් සිය ප්‍රථම ග්‍රැමී සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

90 වැනි වියේ පසුවන උන්වහන්සේ මෙම සම්මානය දිනාගනු ලැබුවේ හොඳම ශ්‍රව්‍ය පොත, කථනය සහ කථාන්දර පටිගත කිරීම (Best Audio Book, Narration & Storytelling Recording) යන කාණ්ඩය යටතේයි.

උන්වහන්සේ මෙම ජයග්‍රහණය වාර්තා කළේ “Meditations: The Reflections of His Holiness the Dalai Lama” නම් වූ පටිගත කරන ලද දේශනා ඇතුළත් ඇල්බමය වෙනුවෙන්.

මෙම කාණ්ඩය යටතේ අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙටාන්ජි බ්‍රවුන් ජැක්සන් (Ketanji Brown Jackson) සහ සුප්‍රකට ඉදිරිපත් කරන්නෙකු වන ට්‍රෙවර් නෝවා (Trevor Noah) වැනි ප්‍රබල තරගකරුවන් අභිබවා යාමට දලයි ලාමා තුමන් සමත් වීම විශේෂත්වයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles