ග්‍රැමී සම්මාන උළෙලේදී වසරේ හොඳම නවක කලාකරුවාට (Best New Artist) හිමි සම්මානය දිනා ගැනීමට බ්‍රිතාන්‍ය ගායන ශිල්පිනී ඔලිවියා ඩීන් සමත් වුණා.
පසුගිය වසරේ ජාත්‍යන්තර වශයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘Man I Need’ සහ ‘So Easy (To Fall In Love)’ වැනි ආදරණීය පොප් ගීත නිසා ඇය මෙම සම්මානය සඳහා පෙරමුණේ පසුවුණා.
සම්මානය සඳහා නිර්දේශ වී සිටි බ්‍රිතාන්‍ය ජාතික ලෝලා යන්ග් (Lola Young) සහ ලියොන් තෝමස් (Leon Thomas) වැනි දක්ෂ ශිල්පීන් අභිබවා ඇය මෙම ජයග්‍රහණය ලබා ගැනීමත් විශේෂත්වයක්.
ඔලිවියා ඩීන් මෙම සම්මානය දිනා ගැනීම විශේෂත්වයක් වන්නේ 2019 වසරේදී දුවා ලිපා (Dua Lipa) ලැබූ ජයග්‍රහණයෙන් පසු, හොඳම නවක කලාකරුවාට හිමි ග්‍රැමී සම්මානය දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ශිල්පියා ඇය වීම හේතුවෙන්.
ම්මානය පිළිගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඔලිවියා, තමා සංක්‍රමණිකයෙකුගේ මිනිබිරියක ලෙස මෙම වේදිකාවට පැමිණි බව පැවසූ ඇය, “මම ධෛර්යවන්ත මිනිසුන්ගේ ප්‍රතිඵලයක්. එවැනි මිනිසුන්ව සැමරිය යුතුයි,” යනුවෙන් එහිදී සඳහන් කළා.

